ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු තීන්දුව නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ඔහු වරදකරු නොවන බව ඔස්ට්‍රේලියානු අධිකරණයක් විසින් තීන්දු කර තිබෙනවා.

සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී අද (28) දිනයේ දී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු Sarah Huggett විසින් 32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකව එල්ල වූ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමටයි පියවර ගත්තේ.

පවතින සාක්ෂි අනුව ධනුෂ්කට එරෙහි චෝදනාව සනාථ නොවන බව විනිසුරු විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට ඉදිරියේ දී යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට හැකි වනු ඇති.

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිඩ්නි නුවර දී කාන්තාවකට අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත්, ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වූ චෝදනා හතරකින් 3ක් එරට නීති බළධාරීන් විසින් මීට පෙර ඉවත් කර ගත්තා.

පසුගිය වසරේ නොවැම්බර් දෙවැනිදා සිදු වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුණේ නොවැම්බර් 17 වැනිදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...