වෝනර්, මාෂ්, ස්මිත්, ලබුෂේන් හා මැක්ස්වෙල්ගේ දක්ෂතා ඔස්ට්‍රේලියාව පූර්ණ තරගාවලි පරාජයකින් ගලවයි

Date:

ඉන්දියාව සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 66 කින් ජය ගනිමින් පූර්ණ එක්දින තරගාවලි පරාජයකින් ගැලවීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(27) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

රාජ්කොට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7  ක් දැවී ලකුණු 352 ක් රැස් කළා.

ඩේවිඩ් වෝනර් පන්දු 34 කින් ලකුණු 56 ක් ද, මිචෙල් මාෂ් පන්දු 84 කින් ලකුණු 96 ක් ද ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා.

ස්ටීවන් ස්මිත් ලකුණු 74(61) ක් හා මර්නස් ලබුෂේන් ලකුණු 72(58) ක් ලබා ගනිමින් මැදපෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 81 කට කඩුලු 3 ක් දවා ගත්තා. කුල්දීප් යාදව් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 48 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 49.4 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණයි.

රෝහිත් ෂර්මා පන්දු 57 කින් වේගවත් ලකුණු 81 ක් රැස් කළා. ඔහු සමග ඉනිම ආරම්භ කළ වොෂින්ටන් සුන්දර් ලබා ගත්තේ ලකුණු 18 ක් පමණයි.

විරාත් කෝලි ලකුණු 56 ක් හා ෂ්රෙයස් අයියර් ලකුණු 48 ක් රැස් කළා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...