24 හැවිරිදි ඇෆ්ඝනිස්තාන සුපිරි ක්‍රීඩකයා එක්දින පිටියට සමු දීමට තීරණය කරයි

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක නවීන් උල් හක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඔහු නිවේදනය කර සිටියේ මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවයි.

24 හැවිරිදි නවීන් උල් හක් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එරට එක්දින සංචිතයට කැදවනු ලැබුවේ වසර දෙකකට පමණ පසුවයි.

වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ඔහු මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 7ක් පමණයි.

කෙසේ වෙතත්, 2016 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගැනීමෙන් පසුව ඔහු 20යි 20 කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස බොහෝ විට ක්‍රීඩා කළා.

එක්දින පිටියෙන් සමු ගත්තද තමා තවදුරටත් 20යි 20 තරග ක්‍රීඩා කරන බවයි නවීන් උල් හක් කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...