ලසිත් මාලිංගට MI හිමිකාරීත්වයෙන් අලුත් තනතුරක්

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ 2024 අදියර වෙනුවෙන් එම් අයි කේප් ටවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොබින් පීටර්සන් පත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පීටර්සන් පසුගිය අදියරේ දී එම් අයි කේප් ටවුන් කණ්ඩායමේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළා.

2023 අදියරේ දී කේප් ටවුන් කණ්ඩායම තරග 10කින් තරග 3ක් පමණක් ජය ගත් අතර, හිමි කර ගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

එම තරගාවලියේ දී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ සයිමන් කැටිච්. ජෙකොබ් ඕරම් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ ශූරතාවය දිනූ එම් අයි නිව් යෝර්ක් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද රොබින් පීටර්සන් හා ලසිත් මාලිංගයි.

හෂීම් අම්ලා තවදුරටත් එම් අයි කේප් ටවුන් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

SA20 තරගාවලියේ දෙවැනි අදියර සදහා වන ක්‍රීඩක වෙන්දේසිය අද(27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...