ලෝක කුසලානයට වනිදු නම් නොකිරීමට හේතුව දසුන් පහදයි

Date:

ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග 5 පමණ ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් පැවැති බැවින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නම් නොකළ බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දසුන් ඒ බව සදහන් කළා.

කෙසේ වෙතත්, ඔහුට තවදුරටත් ලෝක කුසලාන තරගාවලියට එක්වීම සදහා යම් අවස්ථාවක් පවතින බවයි දසුන් කියා සිටියේ.

හසරංග තවදුරටත් ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් මෙම සංචිතය සදහා ඔහුව නම් නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය ඉදිරියටත් අධීක්ෂණය කරමින් සිටින බවත්, ඔහුට ක්‍රීඩා කළ හැකි බවට වෛද්‍ය නිර්දේශ ලැබුණහොත් හා ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් එම ක්‍රීඩකයා වෙනුවට වනිදු හසරංග සංචිතයට ආදේශ කිරීමට කටයුතු කරන බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ දසුන් ශානක –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...