ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 19 කින් පරාජයට පත් වීමත් සමගයි. ඒ අනුව රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 116 ක් රැස් කළා.

Smriti Mandhana ලකුණු 46 ක් ලබා ගත් අතර, Jemimah Rodrigues ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී උදේෂිකා ප්‍රබෝදනී, සුගන්දිකා කුමාරි හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97 ක් පමණයි.

අනුෂ්කා සංජීවනී එක් ලකුණකටත්, විශ්මි ගුණරත්න ලකුණු නොලබාත්, චමරි අතපත්තු ලකුණු 12 කටත් දැවී ගියා.

හසිනි පෙරේරා ලකුණූ 25 ක් හා නිලක්ෂි ද සිල්වා ලකුණු 23 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා. ඕෂදී රණසිංහ ලකුණු 19 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Titas Sadhu ලකුණු 6කට කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙනුණා.

මීට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2014 වසරේ දී ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...