ශ්‍රී ලංකාව රන් පදක්කම සදහා වන තරගයට ඉන්දියාවට එරෙහිව සුදුසුකම් ලබයි

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සදහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75 ක් පමණයි.

Shawaal Zulfiqar ලකුණු 16 ක්, Muneeba Ali ලකුණු 13 ක් හා Omaima Sohail ලකුණු 10 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා. කවීෂා දිල්හාරි කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 15 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 16.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි අතපත්තු ලකුණු 14 කටත්, අනුෂ්කා සංජීවනී ලකුණු 15 කටත්, විශ්මි ගුණරත්න ලකුණු නොලබාත් දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23 (41) ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන යාමට සමත් වුණා.

නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 18 (23) යි.

අවසන් මහා තරගය හෙට(25) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ලෝකඩ පදක්කම සදහා වන තරගය පැවැත්වෙන්නේ පාකිස්තානය හා බංග්ලාදේශය අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...