2023 ලෝක ශූරයින්ට පිරිනමන සුපිරි ත්‍යාග මුදල මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම් සදහා පිරිනැමීමට නියමිත ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.

ඒ අනුව 2019 වසරේ දී මෙන්ම මෙම වසරේ දී පැවැත්වෙන ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට ද හිමි වන ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක්. එනම් රුපියල් කෝටි 129 ක පමණ අගයක්.

අනුශූරයින්ට ඩොලර් මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමි වීමට නියමිතයි.

අවසන් පූර්ව තරග දෙකෙන් පරාජයට පත් වන කණ්ඩායම් දෙකට ඩොලර් 800,000 බැගින් ත්‍යාග මුදල් හිමි වන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන රටවල් 6 සදහා ද ඩොලර් 100,000 ක මුදලක් බැගින් හිමි වනු ඇති.

එමෙන්ම මූලික වටයේ දී ජය ගන්නා සෑම තරගයකටම ඩොලර් 40,000 බැගින් සියලු කණ්ඩායම් වෙත හිමි වන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පිරිනමනු ලබන සමස්ත ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 10 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...