ශ්‍රී ලංකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලානයේ ක්‍රීඩාංගන හා කාලසටහන නිවේදනය කෙරේ

Date:

2024 වසරේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(22) නිවේදනය කළා.

තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

15 වැනි වරටත් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා කොළඹ පිහිටි ක්‍රීඩාංගන 5 ක් යොදා ගන්නා බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

තරගාවලියට තරග 41 ක් ඇතුළත් අතර, අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ සමාරම්භක තරගය සත්කාරක ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා රටවල් 16 ක් ක්‍රීඩා කරනවා. පී. සරා ඕවල්, කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය, එන්.සී.සී ක්‍රීඩාංගනය, එස්.එස්.සී ක්‍රීඩාංගනය හා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී තරග පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරගවලින් අනතුරුව ජනවාරි 24 වැනිදා සිට සුපිරි 6 වටයේ තරග පැවැත්වීමට නියමිතව ඇති අතර, අනතුරුව අවසන් පූර්ව වටයේ තරග පවත්වා අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය A කාණ්ඩයට ද, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය B කාණ්ඩයට ද, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා නැමීබියාව C කාණ්ඩයට ද, ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, නවසීලන්තය හා නේපාලය D කාණ්ඩයට ද ඇතුළත්.

තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් පුහුණු තරග දෙක බැගින් ජනවාරි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වරට ශ්‍රී ලංකාවේ දී යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණේ 2006 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...