සුපිරි වේග පන්දු යවන්නා ලෝක කුසලානයෙන් ඉවත් කරමින් පාකිස්තාන සංචිතය නිවේදනය කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු වෙනුවට සංචිතයට නම් කර ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී.

නසීම් ශාහ් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ඉන්දියාව සමග පැවැති තරගයේ දී උරහිසක ආබාධයකට ලක් වුණා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද සදහන් කළේ ඔහුට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වන බවයි. ඒ අනුව මාස 3-4 ක් වැනි කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වනවා.

පා දග පන්දු යවන ක්‍රීඩක උසාමා මීර් ද ලෝක කුසලාන සංචිතයට කැදවීමටයි පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මොහමඩ් නවාස්, සවුද් ශකීල් සංචිතයේ ස්ථාන රැක ගෙන ඇති අතර, ෆහීම් අශ්රෆ්ට සිය ස්ථානය අහිමි වී තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 6 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන සංචිතය –

Fakhar Zaman, Imam-ul-Haq, Abdullah Shafique, Babar Azam (c), Mohammad Rizwan, Saud Shakeel, Iftikhar Ahmed, Salman Ali Agha, Shadab Khan, Usama Mir, Mohammad Nawaz, Shaheen Shah Afridi, Haris Rauf, Mohammad Wasim Jr, Hasan Ali

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...