Watch : ලැන්කෂයර් ආරම්භක පිතිකරු දවා ගන්න අසිත යොමු කළ සුපිරි පන්දුව

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී නොටින්හැම්ෂයර් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලැන්කෂයර් කණ්ඩායමට එරෙහි තරගයේ දී විශිෂ්ඨ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

මැන්චෙස්ටර් හී දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දින දෙකම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා.

කාසියේ වාසිය දිනූ නොටින්හැම්ෂයර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ලැන්කෂයාර් කණ්ඩායම තෙවැනි දිනය සදහා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියා.

ස්ටීවන් ක්‍රොෆ්ට් ලකුණු 45 ක් රැස් කළ අතර, නායක කීටන් ජෙනින්ග්ස් ලකුණු 42 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 31 ක් ලබා දෙමින්.

ඔහුගේ පන්දු කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී ගියේ ලුක් වෙල්ස් හා ජෝර්ජ් බෙල් යන පිතිකරුවන්.

එම කඩුලු අතරින් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලුක් වෙල්ස් දවා ගැනීමට අසිත යොමු කළ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...