ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Date:

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී තායිලන්තය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 15 කට සීමා කෙරුණා.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය නියමිත පන්දුවාර 15 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 78 ක් ලබා ගත්තා.

Chanida Sutthiruang නොදැවී ලකුණු 31 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු  ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අනුෂ්කා සංජීවනී ලකුණු 32 ක්, චමරි අතපත්තු ලකුණු 27ක් හා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 14 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් පූර්ව තරගය පාකිස්තානයට එරෙහිව එළඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...