ශ්‍රීරම්ට යළි බංග්ලාදේශ කණ්ඩායමෙන් තනතුරක්

Date:

ඉන්දීය හිටපු වමත් දග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Sridharan Sriram බංග්ලාදේශ කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස යළි පත් කර තිබෙනවා.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙනුයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග ක්‍රීඩා කිරීමට පෙර Sriram ගවුවහාටි හී දී සැප්තැම්බර් 27 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

2022 වසරේ අගෝස්තු මාසයේ දී ද Sridharan Sriram බංග්ලාදේශ කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කෙරුණේ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමිනුයි.

ඒ අනුව 20යි 20 කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...