පළමු එක්දින තරගය වැස්සට සේදෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව ඊයේ(21) නිමා වුණා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

නවසීලන්ත ඉනිම පන්දුවාර 4.3 ක් අවසානයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 9 ක් ලෙස සටහන්ව තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව එක් ඉනිමක් පන්දුවාර 42 කට සීමා කෙරුණා.

කෙසේ වෙතත්, නවසීලන්ත ඉනිම පන්දුවාර 33.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලෙස සටහන්ව තිබියදී ද තරගයට වර්ෂාවෙන් යළි බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව පළමු එක්දින තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් කෙරුණා.

විල් යන්ග් ලකුණු 58 ක් හා හෙන්රි නිකල්ස් ලකුණු 44 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 3 ක් හා නසුම් අහ්මඩ් කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...