දේශීය තරගාවලි යළි ආරම්භ කිරීමට SLC තීරණය කරයි

Date:

හෙට(22) දිනයේ සිට යළිත් දේශිය ක්‍රිකට් තරගාවලි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යංශය ඒ සදහා ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ සදහා අනුමැතිය ලැබී තිබූ බව සදහන්.

ඒ අනුව ප්‍රධාන ක්‍රීඩා සමාජ තෙදින තරගාවලිය හා  ‘B’ කොටසේ ක්‍රීඩා සමාජ තෙදින තරගාවලිය හෙට සිට ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව විසින් ලබා දුන් නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව පසුගිය පළමු වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලු දේශීය තරගාවලි අත්හිටුවීමට පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...