ටොම් කොහ්ල-කැඩ්මෝර් එක්දින සංචිතයට කැදවයි

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින ක්‍රිකට් තරග දෙක සදහා වන එංගලන්ත සංචිතයට ටොම් කොහ්ල-කැඩ්මෝර් කැදවා තිබෙනවා.

පළමු එක්දින තරගය සදහා පමණක් නම් කෙරුණු ජෝ රූට් වෙනුවටයි ඔහුව සංචිතයට ආදේශ කර ඇත්තේ.

මෙතෙක් එක්දින වරම් දිනා නොමැති කොහ්ල-කැඩ්මෝර් නොටින්හැම් හී දී එංගලන්ත සංචිතය සමග එක්වීමට නියමිතයි.

කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව සමර්සෙට් කණ්ඩායම ක්‍රීඩා කරන ප්‍රාන්න සිව්දින තරගය සිකුරාදා දිනයේ දී අවසන් වීමෙන් පසුව ඔහු එංගලන්ත සංචිතය සමග එක් වන බව සදහන්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිය සුපුරුදු රිද්මය සොයා ගැනීමේ අරමුණින් අයර්ලන්තයට එරෙහි පළමු එක්දින තරගය සදහා පමණක් ජෝ රූට් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නමුත්, ලීඩ්ස්හි හීඩින්ග්ලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමක් ද සිදු නොකර අත්හැර දැමුණා.

ලෝක කුසලාන තරගාවලියට තවත් සති දෙකක පමණ කාලයක් ඉතිරිව ඇති බැවින් ජෝ රූට් ඇතුළු ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ව විවේක ගැන්වීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 23 වැනිදා නොටින්හැම් හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...