පුජාරාට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් තරග තහනමක්

Date:

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ නායකයා ලෙස ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී (දෙවැනි කාණ්ඩයේ) කටයුතු කරන ඉන්දියාවේ චෙටස්වර් පුජාරාට තරග තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ, සසෙක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් එම කණ්ඩායමට එරෙහිව මෙම තරග වාරයේ දී පැනවුණු දඩුවම් ලකුණු ප්‍රමාණය 4 ක් දක්වා ඉහළ යාම හේතුවෙන්.

නායක පුජාරාට එරෙහිව එක් තරගයක තහනමක් පනවා ඇති අතර, ඒ අනුව ඔහුට සසෙක්ස් කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය අහිමි වනවා.

එම තරග තහනමට අමතරව සසෙක්ස් කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණුවලින් ප්‍රසාද ලකුණු 12 ක් කපා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වූ එම කණ්ඩායම මේ වන විට 5 වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් ලබන වසරේ දී පළමු කාණ්ඩය (Division One) දක්වා සුදුසුකම් ලබා ගැනීමේ සසෙක්ස් කණ්ඩායමේ බලාපොරොත්තුවලට ද මේ වන විට දැඩි පහරක් එල්ල වී තිබෙනවා.

පළමු කාණ්ඩය සදහා සුදුසුකම් ලබා ගත හැකි වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙකට පමණයි.

මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින ඩර්හැම් කණ්ඩායම පළමු කාණ්ඩය දක්වා සුදුසුකම් ලබා අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...