ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 පිරිමි ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

තරගාවලියට රටවල් 14 ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

එම රටවල් 5ට අමතරව අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන සෙසු රටවල් 9 ද තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

A කාණ්ඩයෙන් නේපාලය, මාලදිවයින හා මොන්ගෝලියාව ද, B කාණ්ඩයෙන් හොංකොං – චීනය, ජපානය හා කාම්බෝජය ද, C කාණ්ඩයෙන් මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය ද තරග වදිනවා.

එම කාණ්ඩ තුනේ පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 3 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

එම කණ්ඩායම් 3 හා ඇෆ්ඝනිස්තානය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ කුමන තරගය සදහා ක්‍රීඩා කරන්නේ ද යන්න තෝරා ගනු ලබන්නේ කුසපත් ඇදීමක් මාර්ගයෙනුයි.

තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ද ඊයේ(18) නිවේදනය කෙරුණු අතර, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් පිරිමි සංචිතයේ නායකයා ලෙස සහන් ආරච්චිගේ කටයුතු කරනවා. කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස සුපුරුදු පරිදි චමරි අතපත්තු කටයුතු කිරීමට නියමිතයි.

පිරිමි තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

තරග කාලසටහන –

ACC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...