බංග්ලාදේශය මෙරට ගුවන් ගමන අවලංගු කරයි – ක්‍රීඩකයින් යළි නිවෙස් වෙත

Date:

ලබන 7 වැනිදා සහ 10 වැනිදා අතර කාලයේ දී ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සූදානමින් පසුවන බව වාර්තා වනවා.

ඔවුන් අද(27) දිනයේ දී මෙරටට පැමිණීමටයි මීට පෙර නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, මෙරට දී දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් වීමට බංග්ලාදේශ කණ්ඩායම අකමැති වීම හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇත්තේ අර්බුදකාරී තත්ත්වයක්.

ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන අවලංගු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ක්‍රීඩකයින් මෙතෙක් රැදී සිටි ජෛව ආරක්ෂිත පරිසරයෙන් ද ඔවුන්ව මුදා හැරීමටයි එරට ක්‍රිකට් බළධාරීන් කටයුතු කර ඇත්තේ.

ක්‍රීඩකයින්ගේ මානසිකත්වය පිළිබද සලකා බලා එලෙස ඔවුන්ට සිය නිවෙස් වෙත යාමට අවසර ලබා දී ඇති බව සදහන්.

ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයින් පසුගිය 21 වනදා සිට මෙලෙස ජෛව ආරක්ෂිත පරිසරයක (බාහිර සමාජයෙන් වෙන් කර) රදවා සිටි නමුත්, දින 3ක කාලයක් ඔවුන්ට පවුලේ සාමාජිකයින් සමග එක්ව කාලය ගත කිරීමට මේ වන විට අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරයට පැය 72කට පෙර ක්‍රීඩකයින්ට සහ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට සිදු කිරීමට නියමිතව තිබූ කොරෝනා වෛද්‍ය පරීක්ෂණ ද ඔවුන් සිදු කර නැහැ.

කොරෝනා වසංගතය හේතුවෙන් මීට පෙර කල් දැමුණු තරග 3කින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලබන 23 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...