නසීම් ශාහ් ගැන අසුබ ආරංචියක්

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ්ට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ඉන්දියාව සමග පැවැති තරගයේ දී ඔහු මුහුණ දුන් දකුණු උරහිසේ ආබාධය හේතුවෙන්.

සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධ තත්ත්වය අපේක්ෂා කෙරුණු මට්ටමට වඩා දරුණු වී ඇති බවයි.

ඒ අනුව ඔහුට මෙම වසරේ දී යළි ක්‍රිකට් පිටියට පිවිසීමට නොහැකි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ද මෙම ආබාධය නිසා ඔහුට අහිමි වීමට ඉඩ පවතින බව සදහන්.

ඉදිරි වෛද්‍ය පරීක්ෂණවලින් පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...