ක්ලාසන්ගේ 174 න් වාර්තා වූ 416 හමුවේ ඔස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක්

Date:

හෙන්රික් ක්ලාසන් පන්දු 83 කින් වාර්තා කළ වේගවත් ලකුණු 174 හමුවේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තරග 2-2 ක් ලෙස කණ්ඩායම් දෙකම මේ වන විට සම මට්ටමේ පසුවනවා.

සෙන්චූරියන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට කළ ආරාධනාවට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ දකුණු අප්‍රිකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 416 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.

ක්ලාසන්ගේ සුපිරි ඉනිමට හයේ පහර හා හතරේ පහර 13 බැගින් ඇතුළත් වුණා. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 82 ක් රැස් කළේ පන්දු 45කින්. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 6ක් සමගින්.

රසී වැන් ඩර් ඩසන් ලකුණු 62 යි. පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 79 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 34.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 252 ක් පමණයි.

ඇලෙක්ස් කෙරී පන්දු 77 කින් ලකුණු 99ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 4 ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේදී ලුන්ගි එන්ගිඩී කඩුලු 4ක් හා කාගිසෝ රබාඩා කඩුලු 3ක් දවා ගත්තා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...