ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් අයි.සී.සී එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටින පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම්ගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(14) සමත් වුණා.
කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් සිදු කළ ස්ටම්ප් කිරීමක් හමුවේයි බාබර් අසාම් දැවී ගියේ.
පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 29 ක්.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කර කෙරුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
— cric sl (@cricslvideo) September 14, 2023

