තීක්ෂණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ දී අද(14) ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාකිස්තානය සමග අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරතුර දී පන්දු රකිමින් සිටියදීයි තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක් වුණේ.

කෙසේ වෙතත්, ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම කැපී පෙනුණා.

මෙම තරගයේ දී තීක්ෂණ සිය පන්දුවාර 9 තුළ දී ලකුණු 42 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුගේ ආබාධ තත්ත්වය හදුනා ගැනීම සදහා ඔහුව හෙට දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවයි.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිපල අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ද සති කිහිපයක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි තීක්ෂණ මෙලෙස ආබාධයකට ලක්වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...