ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයෙන් වෙනස්කම් 5 ක්

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාව සමග හෙට(14) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගය සදහා ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කණ්ඩායම සදහා වෙනස්කම් 5 ක් සිදු කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ෆකාර් සමාන්, ආගා සල්මාන් හා ෆහීම් අශ්රෆ් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර, ආබාධවලට ලක් වූ නසීම් ශාහ් හා හැරිස් රවුෆ්ට ද කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

නසීම් ශාහ්ට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනය කළේ.

එම ක්‍රීඩකයින් 5 දෙනා වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ මොහමඩ් හැරිස්, සවුද් ශකීල්, මොහමඩ් නවාස්, මොහමඩ් වසීම් හා සමාන් ඛාන්.

ඒ අනුව නසීම් ශාහ් වෙනුවට සංචිතයට ආදේශ කෙරුණු සමාන් ඛාන් හෙට තරගයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමටනම් හෙට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම පාකිස්තානය ජය ගත යුතුව ඇති පසුබිමකයි පාකිස්තාන කණ්ඩායම මෙලෙස සිය කණ්ඩායමට වෙනස්කම් 5 ක් සිදු කිරීමට පියවර ගෙන ඇත්තේ.

තීරණාත්මක ශ්‍රී ලංකා-පාකිස්තාන තරගය හෙට පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...