ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ; ප්‍රේක්ෂකයින්ටත් නැරඹීමේ අවස්ථාව

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව යටතේ කුසලානය හෙට(14) දිනයේ දී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශූරතා කුසලානය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව ලබා දීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී ශූරතා කුසලානය නැරඹීම සදහා පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා දක්වා අවස්ථාව පවතිනවා.

අනතුරුව පස්වරු 3 සිට රාත්‍රී 8 දක්වා One Galle Face හී දී එය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

අනිද්දා (15) දිනයේ දී ශූරතා කුසලානය මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කිරීම සිදු වන්නේ නායක දසුන් ශානකගේ සහභාගීත්වයෙනුයි.

රටවල් 20කට අධික සංඛ්‍යාවකට කුසලානය රැගෙන යාමෙන් පසුව එය මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදු වනවා.

ශ්‍රී ලංකා අදියරෙන් පසුව ශූරතා කුසලානය තරගාවලියේ සත්කාරකත්වය හිමි ඉන්දියාව වෙත රැගෙන යාමට නියමිතයි.

ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව ආරම්භ කෙරුණේ පසුගිය ජූනි 27 වැනිදායි. වායු ගෝලයේ ස්ථරයක් වන අපරිවර්තී ගෝලය (stratosphere) වෙත කුසලානය රැගෙන යමින් කුසලාන චාරිකාව නිල වශයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...