Watch : දුනිත්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඉන්දීය මුල්පෙල කඩුලු 3 බිද වැටුණු හැටි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ සිව්වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3 දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(12) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් සමත් වුණා. ඒ, පළමු කඩුල්ල සදහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

ෂුබ්මන් ලකුණු 19 කට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. අනතුරුව විරාත් කෝලි ලකුණු 3කට දැවී ගිය අතර, රෝහිත් දැවී ගියේ ලකුණු 53 ක් ලබා සිටියදීයි.

එම කඩුලු තුනම දවා ගත්තේ දුනිත් වෙල්ලාලගේ විසින්. වෙල්ලාලගේ යොමු කළ පළමු පන්දුවෙන්ම ගිල් දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

දසුන් ශානක අතට උඩ පන්දුවක් ලබා දී කෝලි දැවී ගියා. රෝහිත් ෂර්මා දැවී ගියේ ද පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

එම කඩුලු 3 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...