පාකිස්තාන සුපිරි වේග පන්දු යවන්නන් දෙදෙනාට ශ්‍රී ලංකා තරගයත් අහිමි වන ලකුණු

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩකයින් වන හැරිස් රවුෆ් හා නසීම් ශාහ්ට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මීළග තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාම ඉන්දියාව සමග පැවැති සුපිරි 4 වටයේ තරගයේ දී ආබාධවලට මුහුණ දීම හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සුපිරි 4 වටයේ තරගය මෙන්ම පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට අවිනිශ්චිත වී තිබෙනවා.

ආබාධවලට ලක්වීම හේතුවෙන් රවුෆ් පන්දුවාර 5 ක් පමණක් අදාළ තරගයේ දී යොමු කළ අතර, නසීම් ශාහ් පන්දුවාර 9.2 ක් යොමු කිරීමෙන් පසුව ආබාධය නිසා පන්දු යැවීමෙන් ඉවත් වුණා.

අනතුරුව පාකිස්තාන ඉනිමේ දී පන්දුවට පහර දීම සදහා ද ඔවුන් දෙදෙනා පිටියට පිවිසියේ නැහැ. ඒ, පාකිස්තානය පරදා ලකුණු 228 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ පසුබිමකයි.

පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔවුන් දෙදෙනාව පිතිකරණය සදහා යොමු නොකළ බව සදහන්.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් දෙදෙනාගේ ආබාධ නිසා පාකිස්තාන සංචිතයට අවශ්‍ය වුවහොත් කැදවීමේ අරමුණින් ශහ්නවාස් ධහානි හා සමාන් ඛාන් කැදවා ඇති බවයි.

හැරිස් රවුෆ්ගේ හා නසීම් ශාහ්ගේ යෝග්‍යතාවය පිළිබද මෙන්ම ලෝක කුසලාන තරගාවලියට ඔවුන් දෙදෙනා හොද සූදානමකින් සිටිය යුතු බැවින් පූර්වාරක්ෂක පියවරක් ලෙස ධහානි හා සමාන් මෙලෙස කැදවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, රවුෆ් හා නසීම් තවදුරටත් කණ්ඩායමේ වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවන අතර, ඔවුන් දෙදෙනාට හෝ එක් අයෙකුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුවහොත් පමණක් ධහානි හෝ/හා සමාන් සංචිතයට ආදේශ කිරීම සදහා තරගාවලියේ තාක්ෂණික කමිටුවෙන් අවසර ඉල්ලනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...