නව නැරඹුම් වාර්තාවක් සමග ඉන්දු-පාකිස්තාන තරගය ඉතිහාසගත වෙයි

Date:

වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුව ද, ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැති මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරගය නව නැරඹුම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, ඩිජිටල් මාධ්‍ය හරහා ඉන්දීය තරගයක් නැරඹු වැඩිම සමගාමී පරිශීලකයින් (ප්‍රේක්ෂකයින්) පිරිසෙහි (concurrent users) වාර්තාව අලුත් කරමින්.

ඉන්දු – පාකිස්තාන තරගය පසුගිය ඉරිදා(10) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ නමුත්, වර්ෂාව හේතුවෙන් එදින තරගය සම්පූර්ණයෙන් පවත්වා අවසන් කිරීමට නොහැකි වුණා.

ඒ අනුව තරගය අතිරේක දිනය වූ ඊයේ(11) දිනයේ දී ද පැවැත්වීමට සිදු වූ අතර, තරගයෙන් ලකුණු 228 ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

මෙවර පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල රූපවාහිනී හා ඩිජිටල් විකාශන හිමිකරු වන්නේ Disney Star සතු Star Sports හා Disney+ Hotstar මාධ්‍යයයි.

ඒ අනුව ඊයේ නිමා වූ ඉන්දු-පාකිස්තාන තරගය ඩිජිටල් මාධ්‍ය හරහා Disney+ Hotstar ඔස්සේ කෝටි 2.8 ක සමගාමී පරිශීලකයන් පිරිසක් වාර්තා කර තිබෙනවා.

මීට පෙර ඩිජිටල් මාධ්‍ය හරහා ඉන්දීය තරගයක් නැරඹූ වැඩිම සමගාමී පරිශීලකයන් සංඛ්‍යාව වාර්තා කර තිබුණේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැති 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී යි.

එම තරගයේ දී කෝටි 2.52 සමගාමී පරිශීලකයින් පිරිසක් වාර්තා වී තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...