නොකියාට තෙවැනි එක්දින තරගය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියාට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්වීම හේතුවෙන්.

තරග 5 කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ දී නොකියා මෙම ආබාධයට ලක් වුණා. ඒ හේතුවෙන් ඔහු පන්දුවාර 5 ක් පමණක් යොමු කිරීමෙන් පසුව පිටියෙන් ඉවත් වීමටයි පියවර ගත්තේ.

එම තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 123 ක පරාජයක් ලැබූ අතර, එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව මේ වන විට පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

අන්රික් නොකියා අද දිනයේ දී වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය හෙට(12) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...