ලිවින්ග්ස්ටන්ගේ 95* හා පන්දු යවන්නන්ගේ දක්ෂතා එංගලන්තය සම තැනට ගෙන යයි

Date:

ලියම් ලිවින්ග්ස්ටන්ගේ විශිෂ්ඨ ඉනිම හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 79 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

සවුත්හැම්ටන්හී දී පැවැති තරගයේ එක් ඉනිමක් පන්දුවාර 34 කට සීමා කිරීමට සිදු වූයේ වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 34 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 226 ක් ලබා ගත්තා.

ඒ, ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 8 ක් තුළ ද, 4 වැනි කඩුල්ල ලකුණු 28 ක් තුළ ද දැවී ගිය පසුබිමකයි.

බිද වැටුණු ඉනිම ගොඩ ගත් ලිවින්ග්ස්ටන් පන්දු 78 කින් වේගවත් ලකුණු 95 ක් නොදැවී රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්.

සෑම් කරන් ලකුණු 42 ක්, මොයීන් අලී ලකුණු 33 ක් හා ජොස් බට්ලර් ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3 ක් ද, ටිම් සවුති කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 26.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

ඩැරල් මිචෙල් ලකුණු 57 ක් හා විල් යන්ග් ලකුණු 33 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී හා රීස් ටොප්ලි කඩුලු 3 බැගින් දවා ගත්තා. මොයින් අලී බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...