Watch : සැන්ට්නර් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

එංගලන්තය හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් අද(10) සමත් වුණා.

සවුත්හැම්ටන්හී දී ආරම්භ වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 34 කට සීමා කිරීමට සිදු වූයේ වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 34 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 226 ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 8 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.4 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 28 ක් සටහන්ව තිබියදීයි.

පළමු කඩුල්ල ලෙස ජොනී බෙයාර්ස්ටව් ලකුණු 6 කට දවා ගැනීම සදහායි සැන්ට්නර් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...