කේන්, සවුති 4 වැනි ලෝක කුසලානයටත් නම් කෙරේ ; ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතය මෙන්න

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය අද(11) නිවේදනය කෙරුණා.

ආබාධයකට ලක්ව සිටි නිත්‍ය නායක කේන් විලියම්සන් කැදවමින් නම් කර ඇති මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ෆින් ඇලන්, ක්යල් ජමීසන් හා ඇඩම් මිල්න් මෙම සංචිතයට නම් කර නැහැ.

සංචිතයට නම් කර ඇති විලියම්සන් හා ටිම් සවුති, අවසන් වරට ලෝක කුසලානයක සත්කාරකත්වය ඉන්දියාව විසින් දැරූ 2011 වසරේ දී ද නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටියා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්දින ලෝක කුසලාන සංචිතයකට ඇතුළත්ව සිටින සිව්වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 6 දෙනෙකු ද නවසීලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

ඒ අනුව මාර්ක් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ඩැරල් මිචෙල් හා ග්ලේන් පිලිප්ස් පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සදහා ඇතුළත් කර තිබෙනවා. ඔවුන් මීට පෙර 20යි 20 ලෝක කුසලාන තරගාවලි සදහා වන නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටියා.

රචින් රවින්ද්‍ර හා විල් යන්ග් සුදු පන්දු ලෝක කුසලාන තරගාවලියක් සදහා නම් කර ඇත්තේ පළමු වරටයි.

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් වන ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි හා ටොම් ලේතම් ද නවසීලන්ත සංචිතයට ඇතුළත්. ඔවුන් පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියක නවසීලන්ත සංචිතයක් සදහා නම් කෙරුණු තෙවැනි අවස්ථාව මෙයයි.

සංචිතයේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ ද ටොම් ලේතම්.

2019 ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වූ මිචෙල් සැන්ට්නර්, ලොකී ෆර්ගසන්, ජිමී නීෂම් හා ඉෂ් සෝදි දෙවැනි වරටත් එක්දින ලෝක කුසලාන සංචිතයක ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම එළඹෙන 29 වැනිදා හයිදරාබාද් හී දී පාකිස්තානයට එරෙහිව සිය පළමු පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ලෝක කුසලාන තරගාවලිය යටතේ ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 5 වැනිදා එංගලන්තයට එරෙහිව අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

New Zealand squad:

Kane Williamson (c), Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitch Santner, Ish Sodhi, Tim Southee, Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...