පාකිස්තානය ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට ඇද වැටෙයි

Date:

අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ ලකුණු 123 ක ජයත් සමගයි.

මෙතෙක් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ පාකිස්තානයට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගනිමින් පාකිස්තාන කණ්ඩායම පසුගිය 26 වැනිදායි අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණේ.

මේ වන විට ඕස්ට්‍රේලියාව ශ්‍රේණිගත ලකුණු 121 ක් හිමි කර ගනිමින් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර, පාකිස්තානයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 120 ක්.

ඉන්දියාව හා නවසීලන්තය පිළිවෙලින් තෙවැනි හා සිව්වැනි ස්ථානවල රැදී සිටිනවා.

එංගලන්තය 5 වැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය 7 වැනි ස්ථානයේත් රැදී සිටිනවා. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

ඇෆ්ඝනිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් පිළිවෙලින් 9 වැනි හා 10 වැනි ස්ථානවල රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...