Watch : ලිටොන් දවා ගැනීමට මෙන්ඩිස් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දෙවැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(9) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 257 ක් ලබා ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සධීර පන්දු 72 කින් ලකුණු 93 ක් රැස් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ලිටොන් දාස් දවා ගැනීම සදහායි මෙන්ඩිස් විසින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ.

දාස් ලකුණු 15 ක් ලබා සිටියදීයි දැවී ගියේ. ඒ, දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේයි.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/cricday96/status/1700532208304550249

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...