ලකුණු 21 කින් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවෙන් සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක්

Date:

සධීර සමරවික්‍රමගේ විශිෂ්ඨ ඉනිම හා දසුන් ශානකගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(9) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 257 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 236 ක් පමණයි.

සටන්කාමී ඉනිමක් දියත් කළ තවුහිද් හ්රිදෝයි ලකුණු 82 ක් රැස් කළේ පන්දු 97 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 7 ක් ද සමගින්.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 29 ක්, මෙහිදි හසාන් මිරාස් ලකුණු 28 ක් හා මොහමඩ් නයීම් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දසුන් ශානක ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 69 කට කඩුලු 3 ක් ද, මතීෂ පතිරණ ලකුණු 58 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සධීර පන්දු 72 කින් ලකුණු 93 ක් රැස් කළා. හයේ පහර 2ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් ද, පැතුම් නිස්සංක ලකුණු 40 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී හසන් මහ්මුද් හා ටස්කින් අහ්මඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 ක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...