ඇෆ්ඝනිස්තානය පුහුණුකරුවන්ගේ වැටුප් කපයි – ක්‍රීඩකයින්ගේ වැටුපත් අනතුරේ

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය පුහුණු කාර්යය මණ්ඩලයේ මැයි මස වැටුප 25% කින් කප්පාදු කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන්.

එමෙන්ම ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරය අවලංගු වුවහොත් එම මාසයට අදාළ පුහුණුකරුවන්ගේ වැටුප 50% කින් කප්පාදු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මූල්‍ය තත්ත්වය තවදුරටත් අර්බුදයකට ලක් වුවහොත් ඉදිරියේ දී එරට කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් ද සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බව සදහන්.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ Lance Klusener.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...