ලකුණු 89 ක ජයකින් බංග්ලාදේශය සුපිරි 4 වටයට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු 89 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(3) සමත් වුණා.

ලාහෝර් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 44.3 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 245 ක් පමණයි.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 75 ක් හා හෂ්මතුල්ලාහ් ශහීඩි ලකුණු 51 ක් රැස් කළා. රහ්මට් ශාහ් ලකුණු 33 යි.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 36 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු මෙහිදි හසාන් මිරාස් හා නජ්මුල් හොසේන් ශන්ටෝ ශතක වාර්තා කළා. මෙහිදි ලකුණු 112 (119) ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් සමගින්.

නජ්මුල් ලකුණු 104 (105) යි. හයේ පහර 2 ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු පහෙන් කඩුලු 3 ක් ම දුවද්දී දැවී යාම් වීම විශේෂත්වයක්.

[team_standings 50662]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...