Watch : ඩේවිඩ්ගේ සුපිරි ප්‍රහාරය නැවතූ බවුමාගේ සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (30) රාත්‍රියේ දී ඩර්බන් නුවර දී ආරම්භ වූ පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට දකුණු අප්‍රිකාවේ ටෙම්බා බවුමා සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුුව ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් රැස් කරමින්.

මිචෙල් මාෂ් පන්දු 49 කින් ලකුණු 92 ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 13 ක් ඇතුළත්.

ටිම් ඩේවිඩ් පන්දු 28 ක් පමණක් වැය කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 64 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඩේවිඩ්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි බවුමා විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

පන්දු යැවීමේ දී Lizaad Williams ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ටෙම්බා බවුමා රැක ගත් උඩ පන්දුවේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...