Asia Cup : බාබර් හා ඉෆ්ටිකාර්ගේ ශතක හමුවේ පාකිස්තානයට දැවැන්ත ජයක්

Date:

බාබර් අසාම්ගේ හා ඉෆ්ටිකාර් අහ්මඩ්ගේ සුපිරි ශතකවලින් ශක්තිමත් වෙමින් 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් නේපාලය පරදා ලකුණු 238ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තානය අද(30) සමත් වුණා.

මුල්තාන් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 342 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 23.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ නායක බාබාර් අසාම් ලකුණු 151 ක් ලබා ගත්තේ පන්දු 131 කින්. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 14 ක් සමගින්.

ඔහුට අනගි සහයෝගයක් ලබා දුන් ඉෆ්ටිකාර් අහ්මඩ් පන්දු 71 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 109 ක් රැස් කළා. හයේ පහර 4 කින් හා හතරේ පහර 11 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 124 දී බිද වැටුණු පසුබිමක බාබර් හා ඉෆ්ටිකාර් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 214 (131) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

මොහමඩ් රිස්වාන් ලකුණු 44 යි. පන්දු යැවීමේ දී Sompal Kami ලකුණු 85 කට කඩුලු 2 ක් දවා ගත්තා.

නේපාල පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ Sompal Kami. ඔහු ලකුණු 28 ක් රැස් කළ අතර, Aarif Sheikh ලකුණු 26 ක් ලබා ගත්තා. ලකුණු 14 ට කඩුලු 3 ක් දැවී ගිය පසුබිමක ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 59 (78) ක්.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...