එබඩොට් හොසේන්ට ලෝක කුසලානය අහිමි වෙයි

Date:

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක එබඩොට් හොසේන්ට එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දණහිසක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්. ඇෆ්ඝනිස්තානය සමග පසුගිය මාසයේ දී පැවැති එක්දින තරගාවලිය අතරතුර දී යි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ආබාධය හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට ඉදිරියේ දී සිදු වන බව සදහන්.

ඒ අනුව එබඩොට් හොසේන්ට මාස තුනත් හතරත් අතර කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.

29 හැවිරිදි ඔහු එක්දින තරග 12 ක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර, අද ආරම්භ වූ ආසියානු කුසලාන තරගාවලිය ද ඔහුට මෙම ආබාධය නිසා අහිමි වුණා.

ඔහු වෙනුවට ටන්සිම් ශකිබ් ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කිරීමට ද බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...