නයිට් රයිඩර්ස් පිල පන්දු රකින්නන් 10 දෙනෙකුට සීමා වෙයි

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලි ඉතිහාසයේ රතු කාඩ්පතක් නිකුත් කෙරුණු පළමු කණ්ඩායමට බවට පත් වීමට ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට සිදු වුණා.

ඒ, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී අවසන් පන්දුවාර තුනම නියමිත කාලය තුළ ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙන්.

Also Read : රතු කාඩ් පත් ලබා දීමේ නීතිය පිළිබද වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්න

ඒ අනුව රතු කාඩ් පත නිකුත් කිරීමත් සමග ක්‍රීඩකයෙකු අහිමි වීම හේතුවෙන් නයිට් රයිඩර්ස් පිලට අවසන් පන්දුවාරය යොමු කිරීමට සිදු වූයේ පන්දු රකින්නන් 10 දෙනෙකු පමණක් පිටියේ රදවා ගනිමින්. එමෙන්ම යාර 30 සීමාවෙන් පිට ඔවුන්ට රැදවීමට අවසර හිමි වූයේ ද ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි.

රතු කාඩ් පත ලබා දීම නිසා පන්දු රැකීමෙන් ඉවත් වීමට සිදු වූයේ සුනිල් නරේන්ටයි.

රතු කාඩ් පත් නිකුත් කිරීමේ නව නීතියට අනුව තරගයක 18 වැනි පන්දුවාරය නියමිත වේලාවේ දී හෝ ඊට පෙර ආරම්භ නොකරන්නේනම් එක් අමතර පන්දු රකින්නෙකු යාර 30 පන්දු රැකීමේ සීමාව තුළට (fielding circle) කැදවීමට පන්දු රැකීමේ කණ්ඩායමට සිදු වනවා. ඒ අනුව පන්දු රකින්නන් සිව් දෙනෙකු වෙනුවට 5 දෙනෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතුයි.

19 වැනි පන්දුවාරය නියමිත වේලාවේ දී හෝ ඊට පෙර ආරම්භ නොකරන්නේනම් අමතර පන්දු රකින්නන් දෙදෙනෙකු යාර 30 පන්දු රැකීමේ සීමාව තුළට (fielding circle) කැදවීමට පන්දු රැකීමේ කණ්ඩායමට සිදු වනවා. ඒ අනුව එහිදී පන්දු රකින්නන් 6 දෙනෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතුයි.

අවසන් (20 වැනි) පන්දුවාරය නියමිත වේලාවේ දී හෝ ඊට පෙර ආරම්භ නොකරන්නේනම් රතු කාඩ් පත නිකුත් කරමින් එක් පන්දු රකින්නෙකු ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කරනවා. කෙසේ වෙතත්, එහිදී ද පන්දු රකින්නන් 6 දෙනෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතුයි

ඒ අනුව එවැනි අවස්ථාවක යාර 30 සීමාවෙන් පිටත රැදවිය හැකි වන්නේ පන්දු රකින්නන් දෙදෙනෙකු පමණයි. ඉවත් කරන පන්දු රකින්නා නායකයා විසින් නම් කළ යුතුයි.

මේ අතර, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් සංචිතය සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් වන ඇෆ්ඝනිස්තාන සංචිතයට නූර් අහ්මඩ් නම් කිරීම හේතුවෙන් ඔහු වෙනුවට තාවකාලික ආදේශ කිරීමක් වශයෙනුයි ටොම් කරන් එම සංචිතය සමග එක් වීමට නියමිතව ඇත්තේ.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ් ද ඉදිරියේ දී නයිට් රයිඩර්ස් සංචිතය සමග එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...