බට්ලර්ගේ ප්‍රහාරය හමුවේ වාර්තාගත ජයක් සමග මැන්චෙස්ටර් අවසන් තරගයට

Date:

ජොස් බට්ලර් පන්දු 46 කින් රැස් කළ ලකුණු 82 හමුවේ මෙවර හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් Southern Brave කණ්ඩායම පරදා කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Manchester Originals කණ්ඩායම සමත් වුණා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මැන්චෙස්ටර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සදර්න් බ්‍රේව් කණ්ඩායම නියමිත පන්දු 100 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 196 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම පන්දු 96 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 201 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තා.

එය ඉතිහාසගත වුණේ හන්ඩ්‍රඩ් තරගාවලියේ දී කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

බට්ලර් වාර්තා කළ ලකුණු 82 කට හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්. පිල් සෝල්ට් ලකුණු 47 ක් හා මැක්ස් හෝල්ඩන් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටිමාල් මිල්ස්, ක්‍රිස් ජෝර්ඩන් හා මිචෙල් සැන්ට්නර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සදර්න් බ්‍රේව් කණ්ඩායම වෙනුවෙන් ෆින් ඇලන් ලකුණු 69(38) ක්, ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 51(38) ක් හා ජේම්ස් වින්ස් නොදැවී ලකුණු 56(25) ක් රැස් කළා. පන්දු යැවීමේ දී දැවී ගිය එකම කඩුල්ල දවා ගත්තේ පෝල් වෝල්ටර් විසින්.

තරගාවලියේ අවසන් තරගය අද(27) Manchester Originals හා Oval Invincibles කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...