ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලට

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අද(24) පෙරවරුවේ එක් වුණා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම චාරිකාව සිදු කළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම චාරිකාවේ දී ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටු ද නිරීක්ෂණය සදහා එක් වුණා.

ක්‍රීඩකයින්ට අමතරව පුහුණුකරුවන් හා කණ්ඩායම් කලමණාකාරීත්වය මෙම චාරිකාව සදහා එක්ව තිබෙනවා.

ඔවුන්ව පිළිගනු ලැබුවේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා හා ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා විසිනුයි.

මෙම චාරිකාවේ දී රෝහලේ බළධාරීන් විසින් ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ වැඩකටයුතු සම්බන්ධයෙන් ද ක්‍රීඩකයින්ව දැනුවත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 100 ක මුදලක් ද මෑතකදී පරිත්‍යාග කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...