දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ටත් සම තැන හිමි වෙයි

Date:

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සදහා ද පිරිමි ක්‍රීඩකයින්ට ලබා දෙන ආකාරයෙන් සමාන තරග ගාස්තු ජාත්‍යන්තර තරගවලදී ලබා දීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙතෙක් එලෙස සමාන ගෙවීමක් කාන්තා-පිරිමි භේදයකින් තොරව ලබා දෙනු ලැබුවේ නවසීලන්තය හා ඉන්දියාව පමණයි.

ඊට අමතරව කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරන වෘත්තීය තරග ආකෘතියක් ක්‍රීඩිකාවන් සදහා හදුන්වා දීමට ද එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

නව තරග ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ලබන මාසයේ සිට බලපැවැත්වෙනු ඇති.

එනම්, දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ සිට මෙලෙස සමාන තරග ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටයි කටයුතු කර ඇත්තේ.

කාන්තා ක්‍රිකට් වෙනුවෙන් වන මෙම නව ක්‍රියාවලීන් හේතුවෙන් ඩොලර් මිලියන 2.1 ක පමණ මුදලක් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනට වසර 3ක කාලයක් සදහා අවශ්‍ය වන බවට ඇස්තමේන්තුගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් ඩොලර් 800,000 ක පමණ මුදලක් එම කාලය සදහා දකුණු අප්‍රිකා රජයෙන් ද එරට ක්‍රිකට් ආයතනයට ලබා දීමට නියමිතයි.

මේ අතර, එංගලන්ත ක්‍රීඩිකා Alex Hartley මේ දිනවල පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියෙන් පසුව වෘත්තීය ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

2017 වසරේ දී ලෝක කුසලානය ජය ගත් එංගලන්ත කාන්තා කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස ඇය කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...