චමීරට පිට පිට දෙවැනි වරටත් ආසියානු කුසලානය අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව daily mirror වාර්තා කර තිබෙනවා.

ඒ, නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහු ගොදුරු වූ උරහිසක ආබාධය හේතුවෙන්.

ඔහුට තවදුරටත් විවේක ගන්නා ලෙසටයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මීට පෙර චමීර වළලුකර ආබාධයකට ලක්ව සිටි අතර, එල්.පී.එල් තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු එම ආබාධයෙන් සුවය ලබා තිබුණා.

31 හැවිරිදි චමීර මෙවර එල්.පී.එල් තරගාවලියේ දී බී-ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කළ නමුත්, ඔහු ක්‍රීඩා කළේ තරග 4 ක් පමණයි. එහිදී ඔහු කඩුලු 2 ක් දවා ගත්තා.

තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධය නිසා ඔහුට තරගාවලියේ අවසන් තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව සුදුසු යෝග්‍යතාවයකින් පසු කර ගැනීමේ අරමුණින් ආසියානු කුසලාන තරගාවලියෙන් චමීරව ඉවත් කිරීමට ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය ද චමීරට ආබාධයක් හේතුවෙන් අහිමි වුණා.

ලෝක කුසලාන තරගාවලිය වන විට ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් එම තරගාවලිය සදහා චමීර ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, එල්.පී.එල් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ වනිදු හසරංගට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ ඉදිරියේ දී ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණයි.

ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...