ඇෆ්ඝනිස්තානය 59 කට දවා ගනිමින් පාකිස්තානය තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 59 කට දවා ගනිමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 142 ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(22) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 201 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන පිලේ සියලු දෙනා ලකුණු 59 කට දැවී ගියේ පන්දුවාර 19.2 ක් අවසානයේ දී යි.

සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් හැරිස් රවුෆ් ලකුණු 18 කට කඩුලු 5 ක් දවා ගත්තේ පන්දුවාර 6.2 ක් තුළදීයි. ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2 ක් ද, නසීම් ශාහ් හා ශඩාබ් ඛාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ ලකුණු 10 සීමාව පසු කර ගියේ රහ්මනුල්ලාහ් ගුර්බාස් (ලකුණු 18) හා අස්මතුල්ලාහ් ඔමර්සායි පමණයි. ඔමර්සායි ලකුණු 16 ක් ලබා සිටියදී ආබාධයකට ලක් වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ඇෆ්ඝනිස්තානය අද වාර්තා කළ ලකුණු 59 ඉතිහාසයට එක් වුණේ ඇෆ්ඝනිස්තානය එක්දින තරගයකදී රැස් කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල් හක් ලකුණු 61 ක්, ශඩාබ් ඛාන් ලකුණු 39 ක් හා ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 30 ක් රැස් කළා. මොහමඩ් රිස්වාන් ලකුණු 21 යි.

පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් ලකුණු 33 කට කඩුලු 3 ක් දවා ගත්තා. මොහමඩ් නබී හා රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගනිමින් පාකිස්තාන ඉනිම අඩපන කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...