එකම තරගයේ දී දෙවරක් විනය නීති කැඩූ එමීර් වේග පන්දු යවන්නාට වැඩ වරදියි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක Junaid Siddique ට එරෙහිව දඩුවම් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග ඩුබායි හී දී පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය දෙවරක්  උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් හා දඩුවම් ලකුණු දෙකක් ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කිරීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

අදාළ තරගයේ දී Junaid Siddique අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 හා 2.8 වගන්ති උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදවල් දෙකක් සිදු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ටිම් සයිෆර්ට් දවා ගැනීමෙන් පසුව එම කඩුල්ල ආවේගශීලී අයුරින් සැමරීම මෙන්ම විනිසුරු තීරණයකට සිය අප්‍රසාදය පල කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනායි.

පළමු වරදට නිල අනතුරු ඇගවීමක් සමග දඩුවම් ලකුණක් ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

දෙවැනි වරද වෙනුවෙන් තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් හා තවත් දඩුවම් ලකුණක් ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිය වරද හා අයි.සී.සී තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඩුවම Junaid Siddique විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදුවන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...