ජාත්‍යන්තර තරග සදහා නවසීලන්ත ක්‍රිකට් ආයතනයට අනුමැතිය

Date:

එළඹෙන ගිම්හාන සෘතුවට අදාළ ජාත්‍යන්තර තරග වාරය සංවිධාන කිරීම සදහා නවසීලන්ත ක්‍රිකට් ආයතනයට එරට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියේ දී එරට සංචාරය කිරීමට නියමිතයි.

එම තරගාවලියන්ට අදාළ තරග කාලසටහන් ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායම ද නවසීලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, නවසීලන්ත කණ්ඩායම ලබන ජනවාරි මාසයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය කල් දැමීමටයි කටයුතු කර ඇත්තේ.

කොරෝනා වසංගතය සහ නිරෝධායන කාලසීමාව ඊට හේතු වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...