IPL 2020 : 7 වන තරගය අද – Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ, මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ෂ්රෙයස් අයියර් නායකත්වය දරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වනු ඇති.

ආබාධයන්ට ගොදුරු වී සිටින චෙන්නායි කණ්ඩායමේ ඩ්වේයන් බ්‍රාවෝට සහ අම්බටි රයිදුට මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, ආබාධයකට ලක් වූ දිල්ලි කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

දිල්ලි කණ්ඩායම තමන් සහභාගී වූ පළමු තරගයෙන් සුපිරි පන්දුවාරයේ ජයක් ලබමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවනවා.

චෙන්නායි කණ්ඩායම මේ වන විට තරග දෙකකට ක්‍රීඩා කර ඉන් එක් තරගයක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 5 වන ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...