LPL ශූරතාවය දිනන්න මහනුවරට 148 ක ඉලක්කයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගනිමින් ශූරතාවය දිනා ගැනීම සදහා බී-ලව් කැන්ඩි කණ්ඩායමට ලකුණු 148 ක ඉලක්කයක් ලබා දීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 5 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 22 කට දැවී ගියා.

සධීර සමරවික්‍රම ලකුණු 36(30) යි. ධනංජය ද සිල්වා ලකුණු 40 ක් රැස් කළේ පන්දු 29 කින් හයේ පහර 3ක් ද සමගින්.

කුසල් පෙරේරා නොදැවී ලකුණු 31(25) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා කඩුලු 2 ක් දවා ගත් අතර, නුවන් ප්‍රදීප් හා මොහමඩ් හස්නයින් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...